කොළොම්බියාවට ඇමරිකාවෙන් සම්බාධක
- News Room
- Jan 27
- 1 min read

ඇමෙරිකාව විසින් කොළොම්බියාවට එරෙහිව නව තීරුබදු සහ සම්බාධක පැනවීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඇමෙරිකාව විසින් පිටුවහල් කළ සංක්‍රමණිකයින් රැගත් ගුවන් යානා දෙකක් කොළොම්බියාව විසින් ප්‍රතික්ෂේප කිරීම සහ ඇමෙරිකානු භාණ්ඩ සඳහා 25% ක තීරුබදු වැඩි කිරීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
කොළොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ විසින් සංක්‍රමණිකයින් රැගත් ගුවන් යානා ප්‍රතික්ෂේප කිරීම තුළින් සිය ජාතික ආරක්ෂාව අනතුරේ හෙළු බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චෝදනා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කොළොම්බියාවෙන් පැමිණෙන භාණ්ඩ සඳහා ද 25% ක තීරු බදු පනවන ලෙස අමෙරිකානු ජනාධිපතිවරයා නියෝග කර ඇති අතර, එය සතියක් තුළ 50% ක් දක්වා වර්ධනය විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Comments