කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ මෙහෙයුම් කටයුතු හෙට සිට ආරම්භ කෙරේ
- News Room
- Apr 7
- 1 min read

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළෙහි සිදු කරනු ලබන නවීකරණ කටයුතුවල පළමු අදියර මේ වන විට අවසන් කර තිබෙනවා. ඒ අනුව, කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ මෙහෙයුම් කටයුතු හෙට (08) සිට ආරම්භ කරන බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ.
පළමු අදියර යටතේ, පවතින ගොඩනැගිලි නවීකරණය, නව තොරතුරු මධ්‍යස්ථානයක් ඉදිකිරීම, සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය, බස් රථ පෝලිම් සඳහා වෙන් වූ බාහිර ප්‍රදේශයක් සකස් කිරීම සහ අවට පරිසරය අලංකාර කිරීම යනාදිය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
'Clean Sri Lanka' වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම නවීකරණ කටයුතු සිදු කෙරෙනවා. පර්යන්ත දෙකකින් යුත් මෙම බස් නැවතුම්පොළේ සමස්ත ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 424 ක වියදමක් ඇස්තමේන්තු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.




Comments