top of page

කඳපොල එලවළු වගා ජලයෙන් යටවෙයි



මධ්‍යම කදුකරයේ නැගෙනහිර මායිම් ප්‍රදේශවලට අද (30) අලුයම ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නුවරඑලිය කදපොල ප්‍රදේශයේ පහත් බිම්වල සිදු කර ඇති එලවළු වගාව සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවිමෙන් විනාශයට පත් වි ඇත.

කදපොල ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නුවරඑළිය බෝමුරු ඇල්ලට ජලය ගලා බසින ඇළ මාර්ග පිටාර ගැලිමෙන් එලවළු වගාව සම්පුර්ණයෙන්ම ජලයෙන් යට වු බවයි ගොවින් සඳහන් කර ඇත්තේ.

ඇළ මාර්ගය පිටාර ගැලිම නිසා නුවරඑලිය, කඳපොල, ගල්පාලම ප්‍රදේශය සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසා නුවරඑළිය රාගල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනයටද බාධා එල්ල වී ඇත.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page