top of page

කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්



සමාජයේ සංස්කෘතික සුපෝෂණයට විශේෂ දායකත්වයක් සපයන කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සඳහා මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (16) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැහැදිලි කළේය. මහජන චීන සමූහාණ්ඩුවේ ආධාර ඇතිව නිවාස ඒකක 1,996 ක් ඉදිකරමින් පවතී. 

ඒ අනුව, නිවාස ඒකක 108 කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක් කොට්ටාව, පලතුරුවත්ත ප්‍රදේශයෙන් වෙන් කර තිබේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ එය ඉතා ඉක්මනින් ඉදි කිරීමට බලාපොරොත්තු වන බවය.

Comentários


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page