ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සාලිය වික්‍රමසූරිය ඉල්ලා අස්වෙයි ; නව සභාපතිවරයෙක් පත් කරයි.
- News Room
- Sep 27, 2024
- 1 min read

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
සාලිය වික්‍රමසූරිය මහතා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අමතරව සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් ලිමිටඩ් හා ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් යන ආයතනවලද සභාපති ලෙස කටයුතු කළ අතර එම ආයතන සභාපති තනතුරුවලින් ද ඉල්ලා අස්වී තිබේ.
ඒ අනුව නව සභාපති ලෙස මුතුරාජවෙල පර්යන්තයේ බෙදා හැරීමේ කළමණාකාර ඩී.ජේ.රාජකරුණා මහතා පත් කර තිබේ.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අමතරව ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ ද සභාපති වශයෙන් පත් කර ඇති ඩී.ජේ.රාජකරුණා මහතා ඊයේ (26) සිය ධූරවල වැඩ භාර ගත්තේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම පත් කිරීම සිදුකර ඇත.
Comments