ගසාහි යුද්ධය නිමා කිරීමට ඇති අවසන් අවස්ථාව
- News Room
- Aug 20, 2024
- 1 min read

සටන් විරාමයක් සම්බන්ධයෙන් වූ සාකච්ඡාවලදී ඉදිරිපත් වූ යෝජනාවක් ඊශ්‍රායලය පිළිගෙන ඇති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පවසා තිබෙනවා. මෙම සතිය තුළදී ඊට අදාළ සාකච්ඡා හමාස් සංවිධානය සමග ද සිදු කිරීමට බලාපොරොත්තුවන බවයි ඔහු පවසා ඇත්තේ.
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා, ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් සමග ද ඊයේ (19) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඊට පෙර අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර තිබුණේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහ සටන් විරාමයකට එළඹීම ගසාහි යුධ ගැටුම් නිමා කිරීමේ අවසන් අවස්ථාව වනු ඇති බවයි.






Comments