top of page

චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත වෙයි

ree

මෙරට විශිෂ්ටතම චිත්‍රපට දහය අතර සැළකෙන ‘පරසතු මල්’ හා ‘තුංමංහන්දිය’ චිත්‍රපට නිෂ්පාදනය කළ චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත විය.

මිය යන විට 94 වැනි වියේ පසුවූ ඒ මහතා කලක් ගම්පහ චිත්‍රා ෆොටෝ ස්ටුඩියෝ අධිපති ලෙස කටයුතු කළේය. මහගමසේකර අධ්‍යක්ෂණය කළ එකම චිත්‍රපටයක්, ගාමිණි ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටයත් නිෂ්පාදනය කළේ චිත්‍රාය. ඔහු බෙල්ලන්විල රජමහ විහාරස්ථානයේ ක්‍රියාකාරි සාමාජිකවරයකු ද විය.

ඔහුගේ දේහය බෙල්ලන්විල කර්නල් මාවතේ ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (1) පස්වරු 3.00 ට නැදිමාල සුසාන භූමියේ දී සිදුකෙරේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page