ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම අදින් අවසන්
- News Room
- Nov 7, 2024
- 1 min read

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම ආරම්භ කළ පසුගිය 27 දා සිට අද දක්වා කාලය තුළ ජන්ද පත්‍රිකා නොලැබුණු ජන්දදායකයින්ට හෙට (8) සිට තමන්ට ලිපි බෙදන තැපැල් කාර්යාලයට ගොස් එය ලබාගත හැකි බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.
හෙට සිට මහ මැතිවරණය පැවැත්වෙන නොවැම්බර් 14 දා දක්වා නිල ඡන්ද පත්‍රිකා තැපැල් කාර්යාලයෙන් ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බවත් ඒ සඳහා තම අනන්‍යතාව තහවුරු කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.




Comments