top of page

තලවතුගොඩ අවන්හලක ගින්නකින් තිදෙනෙක් ජීවිතක්ෂයට

තලවතුගොඩ හන්දිය ආසන්යේ අවන්හලක ඇතිවු ගින්නකින් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු රෝහල් ගතකිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇත. අද (09) පෙරවරුවේ අදාළ අවන්හලේ ගින්නක් හටගෙන තිබූ අතර ගින්න මැඩ පැවැත්වීම සඳහා කෝට්ටේ මහනගර සභාවට අයත් ගිනි නිවීමේ රථ 03ක් යොදවා තිබේ. කෙසේවෙතත් පොලීසිය සැක පළ කරන්නේ ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හට ගන්නට ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. 


Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page