දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉහළම බදු ආදායම මේ වසර තුළ වාර්තා කරයි
- News Room
- 8 minutes ago
- 1 min read

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම මේ වසර තුළ වාර්තා කර තිබෙනවා.
ඒ අනුව, මේ වසරේ නොවැම්බර් මස 17 වන දිනට එහි ආදායම රුපියල් බිලියන 2,002.241 ක් වන අතර, එය 2024 වසරට සාපේක්ෂව රුපියල් මිලියන 60,079 ක වැඩිවීමක් බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
2024 සමස්ත වර්ෂය තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැස් කරන ලද බදු ආදායම රුපියල් මිලියන 1,942,162 ක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.






Comments