නිශාන්ත උළුගේතැන්නට ඇප
- News Room
- 13 minutes ago
- 1 min read

රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න ඇප මත නිදහස් කිරීමට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
අදාළ නඩුව අද (14) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී, ඉදිරිපත් වුණු කරුණු සළකා බැලූ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදෙනු ලැබුවා.
අලව්ව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාව මත හිටපු නාවික හමුදාපතිවරයා පසුගිය ජූලි 28 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
Comments