top of page

නවසීලන්ත රග්බි කණ්ඩායම දිවයිනට



ශ්‍රී ලංකාව සමග තරග දෙකකින් සමන්විත රග්බි තරගාවලියට සහභාගි වන නවසීලන්ත කිලෝ ග්‍රෑම් 85ට අඩු බර පන්තියේ රග්බි කණ්ඩායම දිවයිනට පැමිණියා. 

නවසීලන්ත කිලෝග්‍රෑම් 85ට අඩු බර පන්තියේ කණ්ඩායමක් තරග සංචාරයක් සඳහා එක්වන පළමු අවස්ථාව මෙයයි. එමෙන්ම නවසීලන්ත රග්බි කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරග සංචාරය නිරත වන්නේ 1907 වසරෙන් පසුවවීමත් සුවිශේෂී සිදුවීමක් වනවා.  

වසර 118 පසු වන මෙම ඓතිහාසික තරග සංචාරයේ පළමු රග්බි තරගය මැයි මස 4 වැනිදා මහනුවර නිත්‍තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවැනි සහ අවසන් රග්බි තරගය මැයි මස 10 වැනිදා පැවැත්වෙන්නේ කොළඹ තුරඟ තරග ක්‍රීඩාංගණයේදීයි.

Comentários


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page