top of page

පියාගේ ජීප් රථයට යටවී තුන් හැවිරිදි දරුවා මරුට



මරදාන - දුම්රිය නිල නිවාස ඉදිරිපිට දී ජීප් රථයක් නිවස අසල ගාල් කිරීමට යන අවස්ථාවේදී කුඩා දරුවෙකු ජිප් රථයට යටවී මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 03ක් වූ දුම්රිය නිවාස, මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි. ඊයේ (10) දහවල් පියා විසින් නිවස අසල ජීප් රථය ගාල් කිරීමට පිටුපසට ගැනීමේදී පිටුපස සිටි ඔහුගේ දරුවා එම රථයට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත. මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් මරදාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Comentarios


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page