පොහොර සහනාධාරය ලබාදීම 95%ක් අවසන්
- News Room
- Jan 15
- 1 min read

පොහොර සහනාධාරය සඳහා මුදල් ලබාදීම මේ වනවිට 95% කින් අවසන් කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, මේ වනවිට රුපියල් මිලියන 16,369 ක මුදලක් ලබාදී ඇති බවයි එහි කොමසාරිස් ජනරාල් යූ. බී. රෝහණ රාජපක්ෂ සඳහන් කළේ. අනුරාධපුරය, අම්පාර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට වැඩිම සහනාධාර මුදල් ලබාදී ඇති බවද ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
Comments