බොරැල්ල බන්ධනාගාර ගැටුමෙන් ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු මරුට
- News Room
- 1 minute ago
- 1 min read

බොරැල්ල නව මැගසින් බන්ධනාගාරයේ පෙරේදා (06) රාත්‍රියේ ඇති වූ ගැටුමෙන් එක් අයෙකු මියගොස්, 11 දෙනෙකු තුවාල ලැබුවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ හෝමාගම කටුවාන ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නමැති 35 හැවිරිදි අයෙක්. ඔහු ගල්කිස්ස වටරප්පල පාරේ සිදුවූ ද්විත්ව ඝාතනයක්, මීගමුවේ ද්විත්ව ඝාතනයක් ඇතුළු ඝාතන කිහිපයකට චෝදනා ලැබූ අයෙක් වනවා. එමෙන්ම 'හෝමාගම හඳයා' නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ කොන්ත්‍රාත් වෙඩික්කරු ලෙසද කටයුතු කර ඇති බව පැවසෙන මෙම සැකකරුට එරෙහිව ගාල්ල, අම්පාර, මීගමුව, හෝමාගම ඇතුළු අධිකරණ කිහිපයක නඩු පවතිනවා. එමෙන්ම ගනේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු ලෙස පළමු අවස්ථාවේදී සැකයට ලක්කෙරුණේද මෙම පුද්ගලයායි.




Comments