top of page

බ්‍රිස්බේන්හි Airbnb නිවසකින් මව සහ දියණියගේ සිරුරු හමුවෙයි

සිරුරු දෙක සොයා ගත් Kenmore Hills හි නිවස (ඡායාරූපය: Nine News)
සිරුරු දෙක සොයා ගත් Kenmore Hills හි නිවස (ඡායාරූපය: Nine News)

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බටහිර ප්‍රදේශයේ පිහිටි ඩොලර් මිලියන ගණනක් වටිනා සුඛෝපභෝගී Airbnb නිවාඩු නිකේතනයක් තුළදී මවක සහ ඇගේ 8 හැවිරිදි දියණියක මියගොස් සිටියදී සොයාගෙන ඇත.

පොලිසිය විසින් සඳුදා දහවල් 12.45 ට පමණ Kenmore Hills හි පිහිටි මෙම නිවසට ඇතුළු වී ඇත්තේ එහි පදිංචිකරුවන්ගේ සුබසාධනය පරීක්ෂා කිරීමේ (Welfare Check) කටයුත්තක් සඳහායි.

මියගොස් සිටියේ 54 හැවිරිදි Norman Park ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ 8 හැවිරිදි දැරියකි. පොලිසිය පවසන්නේ ඔවුන් දෙදෙනා මව සහ දියණිය බවට විශ්වාස කරන බවයි. සිද්ධිය වූ ස්ථානය අපරාධ ස්ථානයක් (Crime Scene) ලෙස නම් කර ඇති අතර, මරණ සිදුවීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත. කෙසේ වෙතත්, මහජනතාවට අඛණ්ඩ තර්ජනයක් නොමැති බවට ක්වීන්ස්ලන්ත පොලිසිය සහතික වී තිබේ.

මරණ සම්බන්ධයෙන් මේ වන විට වැඩි විස්තර අනාවරණය වී නොමැති අතර, සිද්ධියට අදාළව තොරතුරු දන්නා පුද්ගලයින් වෙත පොලිසියෙන් දැනුම් දී තිබේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page