top of page

බටහිර සුඩානයේ නායයාමකින් 1000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ree

බටහිර සුඩානයේ මාරා කඳුකර කලාපයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබේ. ඩාෆූර් ද අයත් එම කලාපය පාලනය කරන සුඩාන විමුක්ති පෙරමුණු හමුදාවට අනුව මෙලෙස මෙම නායයාමෙන් දිවිගලවාගෙන ඇත්තේ එක් අයෙක් පමණක් බව වාර්තා වේ.

නායයාම සිදුව ඇත්තේ පසුගිය අගෝස්තු 31 වනදා වුවත් ඒ සම්බන්ධ නිල වාර්තා අනාවරණ වී ඇත්තේ අද දිනය.

මියගිය පිරිසගේ සිරුරු ගොඩගැනීමට එක්සත් ජාතින්ගේ සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර සහන අංශවල සහාය හිමිව තිබේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page