top of page

බන්ධනාගාරගත කර සිටින දේශබන්දුගෙන් නිවසින් ආහාර ලබා ගැනීම සඳහා ඉල්ලීමක්



රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නිවසින් ආහාර ලබා ගැනීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක සඳහන් කළේ.

අදාළ ඉල්ලීමට පිළිගත හැකි හේතු සාධක ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇති බවත් එම කරුණු සැලකිල්ලට ගනිමින් ඔහුට බන්ධනාගාරයේ රැඳී සිටින කාලය තුළ නිවසින් ආහාර ලබාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලා ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අප්‍රේල් මස 03 වැනිදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

Opmerkingen


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page