මැතිවරණයට දිවයින පුරා සුරාසැල් වැසෙයි
- News Room
- Nov 11, 2024
- 1 min read

මහ මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසැල් නොවැම්බර් 14 සහ 15 යන දෙදින වසා තැබීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර, 15 වැනිදාට පොහොය දිනය යෙදී ඇති බැවින් මෙම දිනයන් දෙකෙහිම සුරාසැල් වසා තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
සුරාසැල් වසා තැබීමට නියමිත දිනවල නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ආකාරයට කටයුතු කරන සුරාසැල්වලට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
Comments