top of page

මාරාන්තික උපවාසයේ නිරත පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක් ජනාධිපති හමුවෙයි

මාරාන්තික උපවාසයේ නිරතව සිටින පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක් අද (03) උදෑසන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට ගොස් තිබේ. ඒ සිය ගැටලුව සම්බන්ධයෙන් විසඳුමක් බලාපොරොත්තුවෙනි.

ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබාදුන්න ද සිය උපවාසය අඛණ්ඩව අද දිනයේත් ක්‍රියාත්මක කරන බවයි එම සංගමයේ ලේකම් විරාජ් මනරංග මහතා සඳහන් කළේ. වසර 7ක සිට පාසල්වල ඉගැන්වීම් සිදුකරන තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය දින 9ක් පුරා උපවාසයේ නිරතව සිටී.

කෙසේවෙතත් අධ්‍යාපන වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ ගුරු සේවා ව්‍යවස්ථාවට පටහැනිව සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සිදුනොකළ යුතු බවය. වසර 7ක සිට පාසල්වල ඉගැන්වීම් සිදුකරන තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ උපවාසය අද ක්‍රියාත්මක වන්නේ 9 වෙනි දිනයටය.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page