top of page

මෙල්බර්න් නුවර ප්‍රාථමික පාසලකට මෝටර් රථයක් කඩා වැදෙයි


ree

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ප්‍රාථමික පාසලකට මෝටර් රථයක් කඩා වැදීමෙන් 11 හැවිරිදි පොඩි දරුවෙක් ජීවිතක්ෂයට පත් විය.තවත් අවුරුදු 10 ත් 11 ත් වයස්වල දරුදැරියන් පිරිසක් මෝටර් රථයේ හැපී සහ ඊට යටවී තුවාල ලැබූ බව පැවැසෙයි.

ඔවුන් සියලු දෙනා කඩිනමින් රෝහල්ගත කළ බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෝටර් රථය පදවමින් සිටියේ 40 හැවිරිදි කාන්තාවකි. වේගයෙන් ධාවනය කරමින් තිබුණු මෝටර් රථය පාලනය කර ගැනීමට ඇයට නොහැකි වී ඇති අතර, මෝටර් රථය ප්‍රාථමික පාසලේ වැටේ හැපී, එම වැට පෙරළා ගෙන පාසල් භූමියට කඩා වැදුණු බව සිද්ධිය දුටුවෝ පවසති.

පොලිසිය එම කාන්තාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව ද පැවැසෙයි. ඇය සමඟ මෝටර් රථයේ කුඩා දරුවකු සිටි නමුත් එම දරුවාට අනතුරක් සිදුවී නැත.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page