මුහුණු වහන් ඇවිත් ගඩාෆිගේ පුත්‍රයාට වෙඩි තබා මරා දමලා
- tvvishvavahini
- 16 minutes ago
- 1 min read

ලිබියානු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පුතු සායිෆ් අල් ඉස්ලාම් ඝාතනයට ලක්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කර්නල් මුවම්මාර් ගඩාෆි ලිබියාව පාලනය කරද්දී, 2000 වසරේ සිට 2011 තෙක් කාලයේ ඔහුගේ දෙවැනියා ලෙස කටයුතු කළේ සායිෆ් අල් ඉස්ලාම්ය. කෙසේ නමුත් ඔහු කිසිදු තනතුරක් හෙබවූයේ නැත.
සායිෆ් අල් ඉස්ලාම් මියගිය බව ඔහුගේ නීතීඥ අබ්දුල්ලා ඔතාමාන් දැනුම් දුන්නේ සමාජ මාධ්‍ය ඔස්සේය. ලිබියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මුහුණු ආවරණය කරගත් සන්නද්ධ පුද්ගලයන් සිවු දෙනකු, සායිෆ් අල් ඉස්ලාම්ගේ සින්ටානා නුවර නිවසට කඩා වැදී ඔහුට වෙඩි තැබූ බවය.
දශක ගණනක ගඩාෆි පාලනය අවසන් වීමෙන් පසු ලිබියාව දේහපාලනික වශයෙන් සහ ආර්ථික වශයෙන් අස්ථාවර විය. ගඩාෆි පාලනය අවසන් වෙද්දී, රටින් පලා යෑමට උත්සාහ ගත් සායිෆ් අල් ඉස්ලාම් අත්අඩංගුවට ගැණුනි. කෙසේ නමුත් 2017 වසරේ දී ඔහු පොදු සමාවයක් යටතේ නිදහස ලැබීය.






Comments