මොළයට හානි කරන වෛරසයක් ගැන චීනය අනතුරු අඟවයි
- News Room
- Sep 9, 2024
- 1 min read

මොළයට හානි කරන නව වෛරසයක් ගැන චීන විද්‍යාඥයෝ අනතුරු අඟවති. චීන විද්‍යාඥයන් මෙම වෛරසය නම් කර ඇත්තේ ‘තෙත් බිම් වෛරසය’ යනුවෙනි.
මෙම නව වෛරසය කිනිතුල්ලන්ගේ දෂ්ටනයෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වෙයි. මොළයට හානි කරමින් එය ස්නායු පද්ධතිය මුළුමනින්ම අඩපණ කරයි. මෙම වෛරසයට මෙතෙක් ප්‍රතිකර්මයක් නැති අතර, ප්‍රතිජීවක ඖෂධවලින් ද මෙම වෛරසය අඩපණ කළ නොහැකි බව පැවැසෙයි.
චීන වෛද්‍ය පර්යේෂකයන් මෙම නව වෛරසය පිළිබඳ මුලින්ම දැනගත්තේ 2019 දීය. ඒ, උණ, හිසරදය, වමනය ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කළ රෝගියකු ජින්සෝ නගරයෙන් හමුවීමත් සමඟය. 61 හැවිරිදි මෙම රෝගියාට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූයේ චීනයට අයත් මොංගෝලියාවේදී යැයි අනාවරණය වී ඇත.






Comments