top of page

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් අද සිට නැවතත්

ree

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් අද (17) නිල වශයෙන් නැවත ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු ආරම්භ කිරීමට නියමිත බව සඳහන්.

මෙහිදී කඩවත හුවමාරු මධ්‍යස්ථානය (Kadawatha Interchange Hub) සහ අධිවේගී මාර්ගයේ පළමු මීටර් 500ක කොටසෙහි ඉදිකිරීම් ද ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 8.6ක මුදලක් රජය විසින් වෙන් කර ඇති අතර, මෙම ව්‍යාපෘතිය 2028 වසරේ මැද භාගය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නියමිත බව වැඩිදුරටත් සඳහන්. මධ්‍යම අධිවේගී මාර්ගයේ මෙම කොටස ඔස්සේ කඩවත සහ මීරිගම අතර දුර කිලෝමීටර් 37ක් වනවා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page