top of page

මහින්ද රාජපක්ෂ අල්ලස් හා දූෂණ කොමිසමට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කළ දැනුම්දීමකට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න අද (12) උදෑසන එම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.

ඒ, ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් මිලදී ගැනීම පිළිබඳව එම කොමිසම සිදුකරන විමර්ශනයට අදාළවයි.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ උදෑසන 9.00ට එම කොමිසම හමුවේ පෙනී සිටින බවයි ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ ප්‍රකාශ කළේ.

මෙම ගනුදෙනුවේදී ඩොලර් මිලියන දෙකක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බවට පසුගියදා සැක කටයුතු ලෙස මියගිය, එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනට අල්ලස් කොමිසම නඩුවක් ගොනුකර තිබෙනවා.

එහිදී රුපියල් මිලියන 60ක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අවස්ථා තුනකදී ලබාදුන් බවට කපිල චන්ද්‍රසේන ප්‍රකාශ කළේ යැයි අල්ලස් කොමිසම මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණා.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසමට පැමිණෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට දැනුම් දී තිබුණා.

මේ අතර, එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර විලී ගමගේ ද ඊයේ අල්ලස් කොමිසම වෙත කැඳවා තිබුණා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page