මහ මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාදීම අද සිට
- News Room
- Oct 27, 2024
- 1 min read

එළඹෙන මහ මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා ජන්දදායකයින් වෙත තැපැල් මගින් බෙදා හැරීම අද (27) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි.
අද ඉරිදා විශේෂ දිනයක් ලෙස සළකා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් බෙදා හරින බව පවසන නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ඊයේ (26) ප්‍රාදේශීය තැපැල් අධිකාරීවරුන් විසින් දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලවලදී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා භාර ගත් බව පැවසීය.
අද සිට ලබන නොවැම්බර් 7 දා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් බෙදා හරින අතර නොවැම්බර් 3 වන ඉරිදා දිනද විශේෂ දිනයක් ලෙස ජන්ද පත්‍රිකා ජන්දදායකයින් වෙත බෙදා හැරීම සිදු කරන බවද ඒ මහතා සඳහන් කළේය. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් බෙදා හැරීම සඳහා 8000 ක පමණ තැපැල් කාර්යය මණ්ඩලයක් යොදවන බවත් නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
Comments