යුදගැටුම් ආරම්භයෙන් පසු පැමිණෙන පළමු බොරතෙල් නෞකාව හෙට දිවයිනට
- News Room
- Apr 16
- 1 min read

මැද පෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු මෙරටට පැමිණෙන පළමු බොරතෙල් නෞකාව හෙට (17) දිනයේ ළඟා වීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර පවසනවා. මෙම නෞකාව මඟින් බොරතෙල් මෙට්‍රික් ටොන් 97,500 ක් මෙරටට රැගෙන එන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
මීට අමතරව, තවත් බොරතෙල් නෞකාවක් අප්‍රේල් මස අගදී පැමිණීමට නියමිතව ඇති බව ද ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.




Comments