top of page

යතුරු පැදියක් බස් රියක ගැටී පාසල් සිසුවියක් මරුට


ree

මහනුවර විලියම් ගොපල්ලව මාවතේ පියා සහ දියණිය ගමන් ගත් යතුරු පැදියක් අද සඳුදා පෙරවරුවේ පුද්ගලික බස් රියක ගැටීමෙන් යතුරු පැදියේ පිටුපස අසුනේ ගමන් ගත් 17 හැවිරිදි පාසල් සිසුවියක එම ස්ථානයේදී මරණයට පත්ව ඇතැයි මහනුවර පොලීසියේ රථවාහන අංශය පවසයි.

අනතුරින් මියගිය සිසුවිය ගැටඹේ මහානාම විදුහලේ උසස් පෙළ හදාරණ බවත්, ඇය සිය පියා සමග අමතර පංතියකට එමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට ලක්ව ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුරින් යතුරු පැදිය පැදවූ පියාට කිසිදු තුවාළයක් හෝ සිදුව නැති බව පොලීසිය කියයි. අනතුරට ලක්වූ යතුරු පැදිය සහ පුද්ගලික බස්රිය ගැටඹේ දෙස සිට මහනුවර දෙසට ධාවනය වෙමින් තිබූ බව පොලීසිය පවසයි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page