top of page

විදෙස් සංචාරකයන් 1,338කට කටුනායක ගුවන්තොටුපලෙන් රියදුරු බලපත්‍ර නිකුත් කරයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ පිහිටුවා ඇති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කවුළුව වෙතින් විදෙස් සංචාරකයන් 1,338 ක් සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, වැඩිම බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කර ඇත්තේ පසුගිය 07 වැනිදා බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙරට සංචාරය සඳහා පැමිණෙන විදේශිකයන්ට ස්වයං ප්‍රවාහන පහසුව ලබාදීම සඳහා, රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ මෙම කවුළුව පසුගිය 03 වැනිදා ස්ථාපිත කරනු ලැබුවා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page