විපක්ෂ මන්ත්‍රීවරුන් කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට
- News Room
- Oct 23, 2025
- 1 min read

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනයට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් සිය විරෝධය දැක්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් කළු ඇඳුමින් සැරසී සහ කළු පටි පැළඳ පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවයි සඳහන්. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට පාතාල චෝදනා එල්ල කරමින් ආණ්ඩුව මෙම ඝාතනය ගැන සෙවීම මඟ හරිමින් සිටින බවයි විපක්ෂ මන්ත්‍රීවරුන් චෝදනා කරන්නේ.






Comments