සුඩානයේ රෝහලකට ඩ්‍රෝන ප්‍රහාරයක්; 64ක් ජීවිතක්ෂයට
- News Room
- Mar 23
- 1 min read

ඊද් සැමරුමක් අතරතුර සුඩානයේ එල්-ඩේන් රෝහලට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් 64 දෙනෙකු මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්නම් කියා සිටියේ මියගිය පිරිස අතර ළමයින් 13 දෙනෙකු, හෙදියන් දෙදෙනෙකු සහ වෛද්‍යවරයෙකු සිටින බවයි. මේ අතර තවත් 89 දෙනෙකු තුවාල ලබා ඇති බවද පැවසුවා. සුඩානයේ අතුරු හමුදා කණ්ඩායමක් වන පැරාමිලිටරි වේගවත් සහායක බලකාය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.




Comments