top of page

සුපිරි නළු විජේගේ TVK පක්ෂයට විශිෂ්ඨ ජයක්

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේ අවසන් ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති අතර, සුපිරි නළු විජේගේ නායකත්වයෙන් යුත් 'තමිලග වෙට්රි කලගම්' (TVK) පක්ෂය ආසන 108ක් දිනා ගනිමින් ප්‍රාන්තයේ තනි විශාලතම පක්ෂය බවට පත්ව තිබෙනවා.

ඉන්දීය මැතිවරණ කොමිසමේ නිල දත්තවලට අනුව TVK පක්ෂය ආසන 108ක්ද, හිටපු මහ ඇමති එම්. කේ. ස්ටාලින් නායකත්වය දැරූ DMK පක්ෂය ආසන 59ක්ද, ADMK පක්ෂය ආසන 47ක්ද ලබා ගත් ප්‍රධාන පක්ෂ බවට පත්ව තිබෙනවා. මෙම ජයග්‍රහණයත් සමඟ එහි නායක ජෝසප් විජේ තමිල්නාඩුවේ මීළඟ මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දීමට වැඩි ප්‍රවණතාවයක් පවතින බවයි ඉන්දීය දේශපාලන විචාරකයින් සඳහන් කර ඇත්තේ.

තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ සරල බහුතරය ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආසන 118ක් ජයග්‍රහණය කළ යුතු වුවද, විජේගේ පක්ෂය ලබාගෙන ඇත්තේ ආසන 108ක්. ඒ අනුව බහුතරය සඳහා ඔවුන්ට තවත් ආසන 10ක හිඟයක් පවතිනවා.

මේ හේතුවෙන් තමිල්නාඩුවේ සෙසු කුඩා පක්ෂ සමඟ එක්ව සභාග ආණ්ඩුවක් පිහිටුවීම සඳහා TVK පක්ෂය මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page