සිසිල් බීම කියා ඩීසල් පානය කළ දරුවෙක් ජීවිතක්ෂයට
- News Room
- Mar 24
- 1 min read

සිසිල් බීම යැයි සිතා නිවසේ බෝතලයක තිබු ඩීසල් පානය කළ දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යාපනය, කයිට්ස් පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ, නිවස අසළ තිබු ඩීසල් බෝතලයක් සිසිල් බීම යැයි සිතා දරුවා විසින් පානය කොට ඇති අතර, ඒ බව දුටු දෙමාපියන් දරුවා කඩිනමින් කයිට්ස් රෝහලට ඇතුළත් කොට තිබු බවය.
දරුවා වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් යාපනය රෝහල වෙත ඇතුළත් කොට තිබු අතර, ප්‍රතිකාර අතරතුර දරුවා ඊයේ (23) ජීවිතක්ෂයට පත්ව ඇති තිබේ. එලෙස මියගොස් ඇත්තේ, යාපනය, කයිට්ස්, නාරාත්තනෙයි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද්දයි මාස නමයක් වු දරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
Comments