top of page

හිටපු අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේනට අධිචෝදනා

දූෂණ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට අද (02) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදීම සිදු වුණා.

අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම අධිචෝදනා, කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ භාර දීම සිදු වූ බවයි සඳහන් වන්නේ.

ඉන් අනතුරුව, විත්තිකරු රුපියල් පනස්දහසක මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදා හරින ලෙසට විනිසුරුවරයා නියෝග කළ අතර, මෙම නඩුව ජූලි මස 22 වැනිදා යළි කැඳවීමට ද නියම වුණා.

2014 වර්ෂයේ ජනවාරි 01 වැනිදා සහ 2014 දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලසීමාව තුළ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට සහනදායී මිලට ලබා දීම සඳහා රජයේ වියදමින් ගෙන්වන ලද බීජ බඩඉරිඟු කිලෝග්‍රෑම් 36,000 ක්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්ට බලපෑම් සිදු කරමින්, ජනාධිපතිවරණයේදී දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් සිය දේශපාලන හිතවතුන් අතර බෙදා දීම තුළින් 'දූෂණය' නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින්, අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page