top of page

හිස්බුල්ලා සටන්කාමීන් විසින් ඊශ්‍රායල අගමැතිගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක්


ree

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ලෙබනනයේ සිට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ සිසේරියා ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවස වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය.

පුපුරන ද්‍රව්‍ය ඇටවූ එම ඩ්‍රෝන යානයට ඊශ්‍රායල හමුදාව පහර දී ඇති අතර, එම ප්‍රහාරයෙන් හානි වූ යානය නිවසේ හැපුණු බව පැවසෙයි.කෙසේ නමුත් එයින් හානියක් සිදු නොවිණි. එම අවස්ථාවේදී නිවසේ ද කිසිවකු නොසිටි බව පැවැසෙයි. නිවස පිහිටි සිසේරියා ප්‍රදේශය පිහිටා ඇත්තේ ටෙල් අවීව් අගනුවරට උතුරු දෙසිනි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page