top of page


ජොන්ස්ටන් FCIDයට
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට තිබෙනවා. ඔහුට අද (05) දිනයේදී එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබූ අතර ඒ අනුව හිටපු අමාත්‍යවරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
News Room
Jan 51 min read


චන්ද්‍රසේන තලංගමයන් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගේය පද රචක චන්ද්‍රසේන තලංගමයන් ඊයේ (04) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්තවෙන විට ඔහුගේ වයස අවුරුදු 71. පුවත්පත් කලාවේදියෙකු ලෙස සිය ඔහු 1980 වසරේදී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළා. 2017 දී ජනගත කෙරුණු චන්ද්‍රෙස්න තලංගමයන්ගේ පළමු ගීතය, සංසාරයේ මා නැමැති ගීතයයි. ඉන් පසු කුවේණි, දුර ආකාහේ, නැවුම් කළේ, ඩෝලෙ, දුවේ, සොයා ආවා, නාඩගම් ගීය, මොන ආලවන්තකම්, රාධාවණී, කම්පා නොවන් මහාමයා ආදී සුවිශිෂ්ට ගේය පද ඔහුගේ සුරතින් නිර්මාණය වුණා.
News Room
Jan 51 min read


ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් සිය ධුරයෙන් ඉවත්වෙයි
ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ මහත්මිය තාවකාලිකව සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයක නුසුදුසු වෙබ් අඩවියක නාමය ලෙස දැක්වෙන හැඳින්වීමක් එක්වීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය අවසන් වනතෙක් ඇය මෙලෙස සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇත.
News Room
Jan 21 min read


දිවයිනේ වායු ගුණත්වය ඉදිරි දින කිහිපයත් පහළ අගයක
දිවයිනේ වායු ගුණත්ව තත්වය ඉදිරි දින කිහිපයදීත් තවදුරටත් පහළ අගයක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා. පසුගිය දින කිහිපය තුළදීත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායූ ගුණ තත්ව දර්ශකය සෞඛ්‍යට අහිතකර මට්ටමක් පැවතුණා. අද දහවල් 12 වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ, වායූ ගුණත්ව දර්ශකය අහිතකර මට්ටමක පැවති බවයි එම ආයතනය සදහන් කළේ. එසේම, මන්නාරම, පුත්තලම ආදී දිස්ත්‍රික්කවල ද වායු ගුණත්ව දර්ශකය සෞඛ්‍යට අහිතකර මට්ටමේ පවතිනවා. කෙසේ වෙතත්, මෙම තත්වය ඉදිරි දින 04 තුළදීත් පැවතිය හැකි බව ජාතික ගො
News Room
Jan 11 min read


අවු.19 න් පහළ ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව, කොළඹ රාජකීය විද්‍යාලයේ විමත් දින්සරගේ නායකත්වය යටතේ 15 දෙනකුගෙන් යුත් සංචිතයක් නම් කර ඇති අතර, එහි උප නායකත්වය මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ කවිජ ගමගේ විසින් දරන බවයි සඳහන් වන්නේ. වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 15 වැනිදා සිට පෙබරවාරි 06 වැනිදා දක්වා සිම්බාබ්වේ හිදී සහ නැමීබියාවේදී පැවැත්වීමට නියමිතයි. අදාළ සංචිතය පහතින්.
News Room
Jan 11 min read


2026 නව වසර උදා වෙයි
2026 නව වසර උදා විය. ඒ අනුව, නව වසර පිළිගනිමින් කොළඹ ගාලු මුවදොර, කොළඹ වරාය නගරය හා නෙළුම් කුළුණ කේන්ද්‍ර කර ගනිමින් විචිත්‍රවත් මල්වෙඩි සංදර්ශනයක් ද පවත්වා තිබෙනවා.
News Room
Jan 11 min read


ආසියාවේ සංචාරයට හොඳම ස්ථාන අතර 05වන ස්ථානය ලංකාවට
අමෙරිකා එක්සත් ජනපදයේ 'U.S. News & World Report' වාර්තාවට අනුව ශ්‍රී ලංකාව, ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන අතර පස්වන ස්ථානයට පත්ව තිබේ. මෙම ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ ජපානයේ ෆුජි කන්ද වන අතර, පසුව පිලිපීනයේ පලවාන්, ටෝකියෝ සහ දකුණු කොරියාවේ සෝල් යන නගර වේ. මෙම ශ්‍රේණිගත කිරීම දත්ත විශ්ලේෂණයන් ඔස්සේ සිදු කර ඇති අතර ඒ සඳහා ප්‍රවේශ වීමේ පහසුව, දේශීය මිල ගණන්, ආකර්ෂණීය ස්ථාන, සංස්කෘතිය සහ සංචාරකයින්ගේ ප්‍රසාදය යන කරුණු කෙරෙහි අවදානය යොමුව තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ පවතින වැසි වන
News Room
Dec 29, 20251 min read


හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල මහත්මිය අභාවප්‍රාප්ත වෙයි
හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලිය ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (27) අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇය 92 වන වියේ පසුවුණි. වර්ෂ 1934 දී ගල්කිස්සේ දී උපත ලැබූ ලතා වල්පොල මහත්මිය 1946 වසරේ දී එවක රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරන්නේ, වයස අවුරුදු 12ක පුංචි දැරියක් ලෙසය. ඇය ගීත දස දහසකට අධික ප්‍රමාණයක් ගායනා කර ඇති අතර, ඒ අතර විදෙස් භාෂා ගීත ද වේ. සිනමාවේ සදාකාලික 'ගී රාජිනිය' ලෙසද ලතා වල්පොල මහත්මිය විරුධාවලි ලබා ඇත. 1953 වසරේ දී 'එදා රෑ' චිත්‍රපටයෙන් සිනමා පසු
News Room
Dec 28, 20251 min read


ආපදා තත්ත්වයත් සමඟ වාහන අලෙවියේ අඩුවක්
ආපදා තත්ත්වයත් සමග වාහන අලෙවියේ අඩුවක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ කොළඹ ඊයේ (26) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි මේ බව කියා සිටියේ. ආනයනික වාහන මාස 03ක් තුළ අලෙවි නොකරන්නේ නම් ඉන් පසු අය කරන දඩ මුදල ඉවත් කර දෙන ලෙස ද රජයෙන් ඉල්ලා සිටින බවයි.
News Room
Dec 27, 20251 min read


අත්අඩංගුවට ගනු ලැබූ ඩග්ලස් දේවානන්දා අද අධිකරණයට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අද (27) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. යුද හමුදාවෙන් ඔහුට නිකුත් කළ ගිනිඅවියක් වැලිවේරිය ප්‍රදේශයේදී අපරාධකරුවෙකු සන්තකයේ තිබී හමුවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ඒ මහතා ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබුණි. හිටපු අමාත්‍යවරයෙකු වූ ඩග්ලස් දේවානන්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පස්වරුවේය. යුද හමුදාව විසින් ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳ
News Room
Dec 27, 20251 min read


ජනපතිගේ නත්තල් සුබ පැතුම
ලොව පුරා කිතුනු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත බැතියෙන් සමරන අසිරිමත් නත්තල අදට (25) යෙදී තිබෙනවා. උදා වූ නත්තලට ජනපති අනුර කුමාර දිසානායක සිය සුබපැතුම් පණිවිඩය නිකුත්කර තිබෙනවා. නත්තල් සුබ පැතුම් පණිවිඩය මගින් ජනපතිතුමන් පවසන්නේ යථාර්ථයේ වේදනාකාරී සත්‍යයට මුහුණ දෙමින් අභියෝග ජය ගෙන රටක් ලෙස එක්ව නැගී සිටිමු'යි සියලු දෙනාට ආරාධනා කරන බවයි. ජනපතිගේ නත්තල් සුබ පැතුම් පණිවිඩය පහතින්. ''ශ්‍රී ලංකාවාසී අප මෙවර නත්තල සමරන්නේ ජාතියක් ලෙස ඉතා වේදනාකාරී ස්වභාවික ව්‍යසනයකට ම
News Room
Dec 25, 20251 min read


අසිරිමත් නත්තල් දිනය අදයි
ලෝකවාසී ජනතාව මහත් හරසරින් සමරන නත්තල් දිනය අදයි. දේව පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ බෙත්ලෙහෙමේ දුගී ගවලෙනක උපන් ඒ අසිරිමත් රාත්‍රිය නත්තල ලෙස කිතුනුවන්ගේ ආදරයටත්, ගෞරවයටත් පාත්‍ර වී තිබෙනවා. සාමයේ කුමරුවන් වන ජේසු සමිඳුන්ගේ උපත සිහි කරන නත්තල තුළ ප්‍රේමය, සාමය, සතුට, බෙදාගැනීම, පරිත්‍යාගය පිළිබඳ පණිවුඩය ගැබ්ව තිබෙනවා. මෙවර නත්තල් ප්‍රධාන දේව මෙහෙය උස්වැටකෙයියාව ශාන්ත මරියා දේවස්ථානයේදී කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්ව
News Room
Dec 25, 20251 min read


ආපදාවට ලක් වූ කර්මාන්තකරුවන් 53කට රුපියල් මිලියන 106.2ක මුදලක්
"දිට්වා" සුළි කුණාටුව සමඟ ඇති වූ දැඩි අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ කර්මාන්ත නැවත යථාවත් කිරීමෙහි මූලික පියවරක් ලෙස රජය විසින් ලබා දෙන රුපියල් ලක්ෂ 2 ක මුදල මුල් අදියර යටතේ කර්මාන්ත 531 කට ලබා දීමට මේ වන විට පියවර ගෙන ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව “දිට්වා” සුළි කුණාටුවෙන් පූර්ණ හෝ අර්ධ හානියට පත් වූ ව්‍යාපාර හඳුනා ගැනීම සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද දත්ත පද්ධතිය මඟින් මේ වන විට ද
News Room
Dec 24, 20251 min read


කොළඹ අයවැයත් මාලිමාව පරදී
ජාතික ජන බලවේගයට බලය හිමි කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය පරාජයට පත්ව තිබෙනවා. ඒ අනුව, එහිදී අයවැයට විපක්ෂව ඡන්ද 60 ක් හිමි වූ අතර, අයවැයට පක්ෂව ඡන්ද 57 ක් ලැබී තිබුණු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
News Room
Dec 23, 20251 min read


ප්‍රවීන රංගන ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි
සිංහල සිනමාවේ, වේදිකාවේ සහ ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ දශක පහකට අධික කාලයක් නොමැකෙන සලකුණක් තැබූ ප්‍රවීන රංගන ශිල්පී, අධ්යක්ෂ සහ ලේඛක කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 84 වන වියේ පසුවූවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්රාප්තවූ බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ. 1941 පෙබරවාරි 11 වැනිදා කැලණියේදී උපත ලැබූ සතිස්චන්ද්‍ර මහතා, පවුලේ හයවන දරුවා ලෙස මෙලොව එළිය දුටුවා. ප්‍රවීන ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ
News Room
Dec 23, 20251 min read


'Rebuilding Sri Lanka' අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි
'Rebuilding Sri Lanka' අරමුදලට මේ වනවිට රුපියල් මිලියන 4,286ක (රු.බි. 4.2) ඉක්මවූ මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසයි. මෙම මුදලෙන් රුපියල් මිලියන 4,263ක් දේශීය ව්‍යාපාරිකයින් හරහා ලැබී ඇති බවත්, ඉතිරිය විදේශ මුදල්වලින් ඍජුව තැන්පතු හරහා ලැබී ඇති බවත් ඔහු සඳහන් කළේය. ලැබුණු මුදල්වල ඩොලර් වටිනාකම මිලියන 13.8 ඉක්මවා ගොස් ඇති අතර, ඉන් විදේශ මුදල්වලින් පමණක් ලැබුණු ප්‍රමාණය ඩොලර් මිලියන 6 ඉක්මවා ගොස්
News Room
Dec 19, 20251 min read


2026 ලෝක කුසලාන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායකත්වය දසුන් ශානකට
2026 වසරේ පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලෙස දසුන් ශානක කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පැවසීය. වත්මන් තේරීම් කමිටුව පත්වීමෙන් අනතුරුව ක්‍රිකට් ආයතනයේ අද (19) පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. එහිදී වික්‍රමසිංහ මහතා පවසා සිටියේ පෙර තේරීම් කමිටුව ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රීඩකයන් 25ක සංචිතයක් නම්කර තිබූ බවත්, එම සංචිතය වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තුවක් නොමැති බව
News Room
Dec 19, 20251 min read


වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ රාජකාරී වැඩ තහනම්
කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ රාජකාරී වැඩ තහනම් කර තිබෙනවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් ලිපියක් නිකුත්කරමින් මේ බව සඳහන්කර සිටිනවා. එම ලිපියේ සඳහන් වෙන්නේ වගකිව යුතු තනතුරක් දරන රජයේ වෛද්‍ය නිලධාරියෙකු ලෙස විවිධ මාධ්‍ය ඔස්සේ රට තුල ආන්දෝලනයක් ඇතිවන ආකාරයේ සහ ජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇතිවන ආකාරයෙන් කටයුතු කරමින් ජනමාධ්‍ය වෙත ප්‍රකාශය නිකුත් කිරීම නිසා මෙලෙස රාජකාරී වැඩ තහනම් කර ඇති බවයි.
News Room
Dec 19, 20251 min read


පවතින වර්ෂාව නිසා වික්ටෝරියා, රන්දෙනිගල, රංටැඹේ වාන් දැමීම ආරම්භ වෙයි
පවතින වර්ෂාපතනයත් සමඟ මහවැලි අධිකාරියට අයත් ජලාශ වාන් දැමීම සම්බන්ධව ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය - දිගන කාර්යාලයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු ඩී.එම්.ධර්මදාස මහතා අද (18) පැවසීය. “දැනට පවතින වර්ෂාපතනය අනුව, මහවැලි ද්‍රෝණියට අයත් ප්‍රධාන ජලාශ අතුරින්, වික්ටෝරියා, රන්දෙනිගල, රංටැඹේ යන ජලාශ දැනටමත් වාන් දැමීම ආරම්භ වී ඇති අතර, ඒ හේතුවෙන් රංටැඹේ ජලාශයෙන් මිණිපේ අමුණ හරහා මහවැලි ගඟට මුදා හරින ජල ප්‍රවාහය පවතින වර්ෂාපතනයේ ප්‍රමාණය අනුව වැඩි
News Room
Dec 18, 20251 min read


ක්‍රිෂ් නඩුව පෙබරවාරි 16ට කල් යයි
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව පෙබරවාරි මස 16 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව අද (18) කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවදූරුගොඩ මහත්මිය හමුවේ කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා විසින් නඩුවට අදාළ ලේඛන සමහරක් විත්තියේ නීතිඥවරු වෙත ලබා දුන්නේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරිය මෙම නඩුව යළි පෙබරවාරි මස 16 වනදා කැඳවන ලෙස නියෝග කළාය. මෙරට රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව සඳහන් කරමින් ඉන්
News Room
Dec 18, 20251 min read
bottom of page


