top of page


දෙනියායේ පාසල් 4ක් උණ රෝගයක් නිසා වසා දැමේ
පාසල් දරුවන් අතර සීඝ්රයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන්, දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක් හෙට (08) වසා තැබීමට තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිශාකා හෙට්ටිගොඩ සඳහන් කළේ. ඒ අනුව දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ විද්‍යාලය මෙලෙස වසා දැමීමට නියමිතයි. රෝග ව්‍යාප්තිය පාලනය කිරී
News Room
May 81 min read


කපිල චන්ද්‍රසේනට වරෙන්තු
ඇප මත මුදාහැර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (7) නියෝගයක් නිකුත් කළේය. අල්ලස් කොමිසම සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත්කර ඇත. කපිල චන්ද්‍රසේන මහතාගේ ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තෙක් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි ඉල්ලා අල්ලස් කොමිසම අදාළ ඉල්ලීම ඉදිරිපත් කර තිබුණි. අල්ලස් කොමිසම
News Room
May 71 min read


අජිත් නිවාඩ් කබ්රාල්ට නැවත නඩු
2012 වසරේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින බව දැනුවත්වම ග්‍රීක බැඳුම්කර මිලදීගැනීම හරහා ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් යළිත් වරක් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ. ඒ මීට පෙර අධිකරණය විසින් පනවා තිබූ, මාස තුනක් ඇතුළත රුපියල් මිලියන 100ක මුදලක් තැන්පත් කිරීමේ කොන්දේසිය කඩකිරීම හේතුවෙන් දූෂණ විරෝධී පනතේ 67 (5) වගන්තිය යටතේය. රුප
News Room
May 71 min read


වියට්නාම ජනාධිපති අද මෙරටට
වියට්නාම ජනාධිපති ටෝ ලම් (To Lam) මහතා නිල සංචාරයක් සඳහා අද (07) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ඒ අනුව වියට්නාම් ජනාධිපතිවරයා අද රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ජනාධිපතිවරයා සමඟ දූත පිරිස 200ක් පමණ මෙම සංචාරය සඳහා සහභාගී වනු ඇති බව ද සඳහන්ය. වියට්නාම ජනාධිපති ටෝ ලම් මහතා හෙට (08) දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතව තිබේ. මේ අතර වියට්නාම ජනාධිපතිවරයාගේ මෙරට සංචාර කාලසීමාව තුළ කොළඹ නගරය ආශ්‍රිතව අද සහ හෙට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පව
News Room
May 71 min read


මැයි මාසේ ලිට්රෝ ගෑස් මිලෙහි වෙනසක් නොවේ
මැයි මාසෙට අදාළව ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොකිරීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ. ජාත්‍යන්තර වෙළඳපොළ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද, පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදුනොකිරීමට එම සමාගම තීරණය කර ඇත. මේ අනුව 2026 මැයි මාසයට අදාළව දැනට පවතින මිළ ගණන් වලංගු වේ. ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල (කොළඹ දිස්ත්‍රික්කයට අදාළ) පහත පරිදි වේ. කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 4,765යි. කිලෝග
News Room
May 61 min read


ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ලියාපදිංචි අනිද්දා සිට
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා විදේශ ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම අනිද්දා (08) සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, ලබන 18 වැනිදා දක්වා මේ සඳහා ලියාපදිංචි විය හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය වන www.srilankacricket.lk හරහා මෙම මාර්ගගත ලියාපදිංචි වීමේ අවස්ථාව විදේශ ක්‍රීඩකයන් සඳහා විවෘතව පවතිනවා. LPL තරගාවලිය ලබන ජූලි 10 වැනිදා සිට අගෝස්තු 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංක
News Room
May 61 min read


බොර තෙල් මිල පහත වැටේ
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල දෙවන දිනටත් පහත වැටී තිබෙනවා. ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 1.49කින් පහත වැටී ඩොලර් 108.29ක් ලෙස දැක්වුණා. ඩබ්ලිව් ටී අයි බොර තෙල් බැරලයක මිල ඩොලර් 1.43කින් පහත වැටී සටහන් වූයේ ඩොලර් 100.82ක් ලෙසයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සමග පවතින යුද්ධය සම්බන්ධයෙන් විටින් විට සිදු කරන ප්‍රකාශ මෙලෙස බොර තෙල් මිල වෙනස්වීමට හේතු වී තිබෙනවා. ඉරානය සමග පවතින යුදමය තත්ත්වය නිමා කර කඩිනමින් සාම ගිවිසුමකට එළඹීමට හැකි වනු ඇතැයි ට්‍රම්
News Room
May 61 min read


රත්‍රං මිල ඉහළට
ජාත්‍යන්තර වෙළෙඳපොළේ රත්‍රං මිල අමෙරිකානු ඩොලර් 4,648ක් දක්වා ඉහළ යාමත් සමඟ මෙරට රත්‍රං මිලද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි. කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග අනුව, අද උදෑසන 8.00ට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් 7,000කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද උදෑසන කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 363,400ක් ලෙස සටහන් වී ඇත. එමෙන්ම, ඊයේ දිනයේ රුපියල් 388,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රුපියල් 395,000 දක්වා ඉහළ ගොස් ඇති බවද
News Room
May 61 min read


කපිල චන්ද්‍රසේනට ඇප
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (5) නියෝග කළා. ඒ රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරිර ඇප 3ක් මතයි. සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයෙක් ද අධිකරණයෙන් නිකුත් කෙරුණා. මෙම නඩුකරය ඉකුත් 28 වැනදා කැඳවූ අවස්
News Room
May 51 min read


VAT සංශෝධන ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කරේ
ලබන ජූලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, එකතු කළ අගය මත බදු (VAT) සංශෝධන ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. ඒ අනුව, මූල්‍ය සේවා සඳහා මෙතෙක් පැවති 18%ක වැට් බද්ද සහ 2.5% ක් වූ සමාජ ආරක්ෂණ බද්ද ඒකාබද්ධ කරමින්, මූල්‍ය සේවා මත බදු ප්‍රතිශතය 20.5% ක් දක්වා ඉහළ නැංවීමට මෙහිදී යෝජනා කර තිබෙනවා. එසේම ඉලෙක්ට්‍රොනික වේදිකා හරහා සපයනු ලබන සේවා, එනම් අන්තර්ජාලය ඔස්සේ විවිධ සේවා සපයමින් ආදායම් උපයන පුද්ගලයන්ගෙන් 18% ක වැට් බද්දක් අය කිරීම ද එළඹෙන ජූලි මස 01 වැනිදා සිට ක්‍රියාත්
News Room
May 41 min read


ලෝක කම්කරු දිනය අදයි
ලෝක කම්කරු දිනය අදට (01) යෙදි තීබේ. 1886 වසරේදී මැයි මාසයේදී වැඩමුරය පැය 8කට සීමා කරන ලෙස ඉල්ලමින් අමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් පිරිසක් සිදුකළ උද්ඝෝෂණයකට පොලීසිය එල්ල කළ ප්‍රහාරයකින් මියගිය කම්කරුවන් සිහිකරමින් සෑම වසරකම මැයි පළමු දින ලෝක කම්කරු දිනය සමරනු ලැබේ. ඒ අනුව ලොව සෑම රටක්ම මැයි පළමු වන දින කම්කරු දිනය සැමරීම සඳහා පෙළපාලී, රැලි සංවිධානය කරනු දක්නට ලැබේ. මෙවරත් කම්කරු දිනය සැමරීම සදහා මෙරට දේශපාලන පක්ෂ සහ සංවිධාන මැයි දින පෙළපාලී රැස්වීම් සංවිධානය කර ඇත.
News Room
May 11 min read


මහා භාණ්ඩාගාර වංචා සිද්ධියට වැඩ තහන්ම් වූ සහකාර අධ්‍යක්ෂවරයෙකු සියදිවි නසාගනී
මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සේවය කළ, ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචා සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි සහකාර අධ්‍යක්ෂවරයෙකු සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය, පහළ වීරඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි වියේ පසුවූ නිලධාරියෙක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
News Room
Apr 301 min read


ලෝක කම්කරු දිනයට සමගාමීව විශේෂ ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක්
හෙට (01) දිනට යෙදී තිබෙන ලෝක කම්කරු දිනයට සමගාමීව දිවයිනේ බොහෝ ප්‍රදේශවල මැයි දින පෙළපාලි, රැස්වීම් හා විවිධ උත්සව සංවිධානය කර ඇති අතර, ඒ වෙනුවෙන් කොළඹ නගරය සඳහා පොලීසිය විසින් විශේෂ ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා. මැයි දින උත්සව සහ සැමරුම් සාමකාමි ලෙස පැවැත්වීමට සුදුසු පරිසරයක් සකස් කිරීම හා එහි ආරක්ෂාව සැලසීම, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලස්ම මෙන්ම සාමාන්‍ය රථවාහන ගමනාගමනය විධිමත්ව පවත්වාගෙන යාම සඳහා සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි නිවේදනයක්
News Room
Apr 301 min read


හැටන් දක්වා ධාවනය වූ බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
ඩයගම සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් විමෙන් එක් අයකු මියගොස් 22 දෙදෙනකු රෝහල් ගත කර ඇතැයි හැටන් පොලිසිය පවසනවා. මෙම අනතුරින් තුවාල ලැබූවන් මේ වන විට දික්ඔය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය සඳහන් කරනවා. අනතුරින් තුවාල ලැබූවන් අතර එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් ඇතුලු 22 දෙදෙනකු තුවාල ලබා ඇතැයි ද පොලිසිය පවසනවා. අද (29) පස්වරු 3:00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් ෆොඩයිස් හරහා ප්‍රධාන මාර්ගයේ දික්ඔය බටල්ගල වත්ත ප්රදේශයෙදියි.
News Room
Apr 291 min read


තිරිඟු පිටි මිල ඉහළට
තිරිඟු පිටි මිල අද (29) සිට ඉහළ දැමීමට කටයුතු කළ බව ප්‍රීමා සමාගම පවසයි. ඒ අනුව ප්‍රීමා පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට එම සමාගම පියවර ගෙන ඇත. ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම හේතුවෙන් මෙලෙස තිරිඟු පිටි මිල ඉහළ දැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව මීට පෙර රුපියල් 220ක්ව පැවති පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 225ක් වෙයි.
News Room
Apr 291 min read


ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කටයුතු අද සිට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලුම පරිපාලන කටයුතු අද (29) සිට තාවකාලිකව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරා ගෙන ඇති බව එම අමාත්‍යාංශය පවසයි. 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 සහ 34 වගන්ති ප්‍රකාරව හිමිව ඇති බලතල අනුව මෙම තීරණය ගෙන ඇත. මේ අතර ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටලුවලට විසඳුම් සෙවීම සහ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීම සඳහා කමිටුව කඩිනමින් පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුවේ ඉල්ලා අස්වීම ක්‍රීඩා
News Room
Apr 291 min read


ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ. ඒ අනුව, අද (29) සිට ක්‍රියාත්මක වන ඔහු පරිදි එම ධුරයෙන් ඉවත්වනු ඇත. ඔහු සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය සහ විධායක කමිටු සාමාජිකයින් ද සිය ඉල්ලා අස්වීම් භාර දී ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. මෙම තීරණය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාටද නිල වශයෙන් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
News Room
Apr 291 min read


අර්ච්චුනා ඇප මත මුදාහරී
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අද (29) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ. ඔහු අද මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස අප නියමකර ඇත. පසුගිය 25වනදා යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා විසින් ගිනිඅවියක් අතැතිව කාන්තාවකට තර්ජනයක් සිදු කර තිබුණි. ඒ ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් හේතුවෙනි. අදාළ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයක නඩ
News Room
Apr 291 min read


සාම පා ගමන අවසන් කරමින් භික්ෂූන් වහන්සේලා ඇමරිකාව බලා පිටත්ව යයි
දින 07 ක් පුරා මෙරටදී පැවැත්වුණු "ඒහි පස්සිකෝ" සාම පා ගමන අවසන් කරමින්, ඒ සඳහා සහභාගි වූ විදේශ රටවල සිට මෙරටට පැමිණි භික්ෂූන් වහන්සේලා ප්රමුඛ පිරිස අද (29) උදෑසන මෙරටින් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව, අමෙරිකාවේ වාසය කරන වියට්නාම ජාතික පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා පිරිස සහ, 'ආලෝකා' සුනඛයා සහ තවත් ගිහි පිරිසක් අද උදෑසන 07.12 ට කටුනායක ගුවන්තොටුපොළෙන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගිය බවයි සඳහන් වන්නේ. ඉන්පසු ඔවුන් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් අමෙරිකා
News Room
Apr 291 min read


කපිල චන්ද්‍රසේන තවදුරටත් රිමාන්ඩ් භාරයේ
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතා මැයි මස 05 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බවත් මහේස්ත්‍රාත්වරයා පවසා තිබේ. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා ඉදිරිපත් කළ කරුණු සල
News Room
Apr 281 min read
bottom of page
