ඇමරිකාව රටවල් 75ක පුද්ගලයින්ට වීසා නිකුත් කිරීම කල් දමයි
- News Room
- Jan 15
- 1 min read

රටවල් 75ක පුද්ගලයින් සඳහා වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල්දැමීමට අමෙරිකාව තීරණය කර තිබේ. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කර ඇත්තේ, අමෙරිකාවේ නව සංක්‍රමණික නීතිවලට අනුව මෙම තීරණය ගෙන ඇති බවය.
බ්රසිලය, ඉරානය, රුසියාව, සෝමාලියාව, ඇෆ්ගනිස්ථානය, ඊජිප්තුව, තායිලන්තය, යේමනය ඇතුළු රටවල් 75ක පුරවැසියන් සඳහා මෙම තහනම පැනවීමට තීරණය කර ඇති අතර සම්පූර්ණ රටවල් පිළිබඳ තොරතුරු මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි. ජනවාරි මස 21 වන දින සිට මෙම නව නීතිය ක්‍රියාත්මක වනු ඇති බව වාර්තා වේ.




Comments