top of page

ඔස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩකයෙකු පන්දුවක් වැදී ජීවිතක්ෂයට

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පුහුණු සැසියකදී ක්‍රිකට් පන්දුවක් ශරීරයේ වැදීමෙන් 17 හැවිරිදි ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත්තේ බෙන් ඔස්ටින් (Ben Austin) නම් ක්‍රීඩකයායි. පසුගිය අඟහරුවාදා ෆර්න්‍ට්‍රී ගලී (Fetree Gully)හි ක්‍රිකට් දැල තුළ පුහුණුවීම් කරමින් සිටියදීයි මෙම සිදුවීම සිදුව ඇත්තේ.

ඔහුගේ හිසට හෝ ගෙල ප්‍රදේශයට පන්දුව වැදී ඇති අතර, ඔහු හිස්වැස්මක් (helmet) පැළඳ සිටි බවට විශ්වාස කෙරෙන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පන්දුව වැදීමෙන් පසුව බෙන් ඔස්ටින් ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් මොනාෂ් ළමා රෝහලට (Monash Children's Hospital) ඇතුළත් කර තිබෙනවා. ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අද අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page