top of page

දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට භාරවෙයි



2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය පෙරේදා තීන්දු කළේය. 

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. එවැනි පසුබිමක අද (19) පෙරවරුවේ ඔහු මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබේ. 

මේ අතර, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණයේ පෙනී සිටීමෙන් පසු, 2023 දී වැලිගම W15 හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුව අද පස්වරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිත බව ද වාර්තා වේ.

Recent Posts

See All
ලොව විශාලතම වායු නිධිය පුපුරුවන බවට ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇඟවීම්

ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය දිගින් දිගටම කටාර් රාජ්‍යයට ප්‍රහාර එල්ල කරන්නේ නම්, ඉරානයේ පිහිටි ලොව විශාලතම වායු නිධිය වන 'සවුත් පාර්ස්' South Pars නිධිය දැවැන්ත

 
 
 

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page