නේපාලයේ බස් රථයක් පෙරළීමෙන් 17ක් ජීවිතක්ෂයට
- News Room
- 3 hours ago
- 1 min read

නේපාලයේ තිෂුලි ගංඟාවට බස් රථයක් පෙරළීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 17දෙනෙකු මියගොස් තිබේ. එහිදී තවත් පුද්ගලයින් 24දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පොකාරා නගරයේ සිට නේපාලයේ අගනුවර වන කත්මණ්ඩු බලා ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන් වේ. අනතුරට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති අතර එරට ආරක්ෂක අංශ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.




Comments