top of page

පිලිපීන ජනපති එරටට ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි


පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් අද (06) එරටට ජාතික හදිසි තත්ත්වයක් ("state of national calamity") ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, 'කල්මේගි' සුළි කුණාටුවෙන් පුද්ගලයන් 114 දෙනෙකු මිය ගොස් තවත් සිය ගණනක් අතුරුදන් වීමත් සමගයි. මෙය මෙම වසරේදී පිලිපීනයට බලපෑ දරුණුතම ස්වභාවික ව්‍යසනය වනවා. වාර්තාගත මරණ සංඛ්‍යාවට ප්‍රධාන හේතුව වී ඇත්තේ, හදිසි ගංවතුර තත්ත්වයන්ට හසුවීමයි.

දැනට පුද්ගලයන් 127 දෙනෙකු අතුරුදන්ව සිටින අතර, වැඩිම පිරිසක් අතුරුදන්ව ඇත්තේ දැඩි ලෙස හානි වූ මධ්‍යම පළාතක් වන සෙබූ (Cebu) වලින්. මෙම නිවර්තන සුළි කුණාටුව පෙරේදා වන විට පිලිපීන දූපත් සමූහයෙන් ඉවතට දකුණු චීන මුහුද දෙසට ගමන් කර තිබෙනවා.

සිවිල් ආරක්ෂක කාර්යාලය පැවසුවේ, සුළි කුණාටුවෙන් මිලියන දෙකකට ආසන්න ජනතාවකට බලපෑම් එල්ල වී ඇති බවත්, ගම්වැසියන් 560,000කට අධික සංඛ්‍යාවක් අවතැන් වී ඇති බවත්.

එමෙන්ම 450,000ක් පමණ පිරිසක් හදිසි රැකවරණ කඳවුරු වෙත යොමු කර තිබෙනවා. ජනාධිපති මාකෝස් ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ, විපතට පත් වූ තත්ත්වය තක්සේරු කිරීම සඳහා

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page