මැලේසියාවේ රික්ටර් මාපකයේ 7.1 ක භූමිකම්පාවක්
- News Room
- Feb 23
- 1 min read

මැලේසියාවේ සබා (Sabah) ප්‍රාන්තයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.1 ක ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසනවා. මෙම භූමිකම්පාව හේතුවෙන් මෙතෙක් කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැහැ. සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් වාර්තා කිසිවක් ලැබී නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.




Comments