top of page

ලොව විශාලතම මකුළු දැල සොයාගනී


විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් ඇල්බේනියානු-ග්‍රීක දේශසීමාවේ පොළව අභ්‍යන්තරයේ අඳුරු ගුහාවකින් ලොව විශාලතම මකුළු දැල සොයාගෙන තිබේ. වර්ග අඩි 1,140ක් පුරා පැතිර ඇති මෙහි මකුළු ජීවීන් 110,000කට වැඩි ප්‍රමාණයක් සිටින බව සඳහන්. මෙම ගුහාවට සූර්යාලෝකය සැලකිය යුතු ලෙස නොලැබෙන අතර, ඒ හේතුවෙන් විෂ සහිත හයිඩ්‍රජන්-සල්ෆර් වායුව ඉහළ මට්ටමක පවතින බව විද්‍යාඥයන් පවසයි.

එවන් තත්ත්වයක් යටතේ මෙම විශාල මකුළු දැලක් නිර්මාණය කර ඇත්තේ කෙසේද යන්න පිළිබඳව ඔවුන් පර්යේෂණයක් අරඹා තිබේ. මෙම මකුළු දැල ගුහාවේ දොරටුවේ සිට ආසන්න වශයෙන් මීටර් 50කට වඩා දුරින් පිහිටා ඇත. එමෙන්ම මෙහි විශේෂත්වය වන්නේ මකුළු විශේෂ දෙකක් මෙහි වාසය කරන බවය.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page