ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක
- News Room
- Jan 12
- 1 min read

අමෙරිකානු ජනාධිපති ඩොනඩ් ට්‍රම්ප් එළැඹෙන වසරේ දී ඉන්දියාවේ සංචාරය කළ හැකි බවත් ඉන්දියාව තරම් අත්‍යවශ්‍ය රටක් එක්සත් ජනපදයට තවත් නොමැති බවත් ඉන්දියාවේ නව අමෙරිකානු තානාපති සර්ජියෝ ගෝර් පවසා ඇත.
දිල්ලියේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දී අදහස් දක්වමින් තනාපතිවරයා මේ බව පැවසු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එහිදී ඔහු පවසා ඇත්තේ අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ ට්‍රම්ප්ගේ මිත්‍රත්වය "සැබෑ" බවත් සැබෑ මිතුරන්ට ඔවුන්ගේ වෙනස්කම් විසඳා ගත හැකි බවත්ය.
ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වෙමින් සිටින බව ද ඔහු දැනුම් දී තිබේ. සාකච්ඡා කිරීම් සඳහා ඊළඟ හමුව පැවැත්වීමට නියමිතව තිබූ බව ගෝර් පැවසූ නමුත් සහභාගී වන්නේ කවුරුන්ද යන විස්තර පවසා නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.
පසුගිය අගෝස්තු මාසයේදී අමෙරිකාව ඉන්දියානු භාණ්ඩ සඳහා 50% ක තීරුබදු පැනවූ දා සිට ජාතීන් අතර වෙළඳ සාකච්ඡා දැඩි විය. ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීමට එරෙහිව අමෙරිකාව විසින් මෙලෙස තීරුබදු ඉහළ දැමීට කටයුතු කර තිබුණි.




Comments