සී.බී. රත්නායක ලබන 16 දක්වා රිමාන්ඩ්
- News Room
- Dec 3, 2025
- 1 min read

මුදල් විශුද්ධිකරණය පනත යටතේ දූෂණය නමැති වරදක් කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබු හිටපු අමාත්‍ය සී.බී. රත්නායක ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කීරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද( 2) නියෝග කළා.
සිද්ධියට අදාල සැකකරු අල්ලස් කොමිසම විසින් අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
අල්ලස් පනතේ අංක 23 (අ) (1) වගන්තිය යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වත්කම් විමර්ශන අංශය විසින් සිදු කරනු ලබන ලද විමර්ශනයකට අදාලව, ක්‍රීඩා අමාත්‍යාංශය පුද්ගලික ප්‍රවාහන අමාත්‍යාංශය හා පසු සම්පත් යන අමාත්‍යාංශ අමාත්‍යාංශ වල සිදුව ඇති බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුට ගෙන තිබුණා.

Comments