top of page

අනුරාධපුර රෝහලේ ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවයි



වෛද්‍යවරියක දූෂණයට ලක්වීමේ සිදුවීම මුලික කරගනිමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ. බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව අදාළ තීරණය ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කර ඇත. මේ අතර, අදාළ සිදුවීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයිනේ සියලු රෝහල්වල ආරම්භ කළ සංකේත වැඩවර්ජනය ද අද (13) පෙරවරු 8.00 අවසන් වුණි.

Comentários


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page