අමෙරිකානු නාවික හමුදා ලේකම් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි
- News Room
- 6 minutes ago
- 1 min read

අමෙරිකානු නාවික හමුදා ලේකම් ජෝන් ෆීලන් වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඊට හේතුව මෙතෙක් සඳහන් කර නොමැති අතර, නාවික හමුදා නියෝජ්‍ය ලේකම් හන්ග් කාඕ වැඩබලන නාවික හමුදා ලේකම්වරයා ලෙස පත් කර ඇති බවයි පෙන්ටගනය සඳහන් කළේ. ධුරයෙන් ඉවත් වූ ෆෙලන් වෙනුවට පත්වන හන්ග් කාඕ, වසර 25ක අත්දැකීම් සහිත නාවික හමුදා ප්‍රවීණයෙක්.
මේ අතර, එරට යුද ලේකම් පීට් හෙග්සෙත් විසින් මෑතකදී ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් රැසක් සිය ධුරවලින් ඉවත් කරනු ලැබුවා.




Comments