top of page

Telegram සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා අත්අඩංගුවට



ලොව ජනප්‍රිය සමාජ මාධ්‍යයක් වන Telegram සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව් ප්‍රංශ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පැරීසියට උතුරින් පිහිටි ගුවන් තොටුපොළකට ඔහුගේ පෞද්ගලික ජෙට් යානය ගොඩබැස්සවීමත් සමඟ මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Telegram යෙදවුමට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රංශය විසින් ගෙන තිබූ වරෙන්තුවට අනුව ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන 39 හැවිරිදි ඩුරොව් මෙලෙස අත්අඩංගුවට පත්විය.

රුසියාවේ උපත ලැබූවෙකු වන ඩුරෝව් මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත් වන අතර, ඔහුට ප්‍රංශයේ මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේද පුරවැසිභාවය හිමිය.

Facebook, YouTube, WhatsApp, Instagram, TikTok සහ Wechat වලට පසුව Telegram ලොව ප්‍රධානම සමාජ මාධ්‍ය යෙදවුම   ලෙස සැලකෙයි.

Telegram යෙදවුම රුසියාව, යුක්‍රේනය මෙන්ම පැරණි සෝවියට් සංගමයේ ප්‍රාන්තවල වඩාත් ජනප්‍රිය යෙදවුමකි.

Commenti


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page