අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලිසියෙන් වෙඩි
- News Room
- Oct 27, 2024
- 1 min read

සූරියවැව, මීගහජදුර ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට සූරියවැව පොලීසිය විසින් වෙඩිතබා තිබේ.
ලුණුගම්වෙහෙර සිට සූරියවැව බලා ධාවන වූ ලොරි රථයක් සූරියවැව ප්‍රදේශයේ දී පරික්ෂා කිරීම සඳහා නතර කරන ලෙස පොලීසිය විසින් කළ නියෝගය නොතකා ධාවනය කිරීමේ දී එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය. එහිදි ලොරි රථයේ ටයරයට වෙඩි වැදීමෙන් පසු එය නතර වී තිබේ. එම අවස්ථාවේ ලොරි රථයේ සිටි රියදුරු සූරියවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
අදාළ ලොරි රථය තුළ ගවයින් 17 දෙනෙකු ද සිට ඇති බව වාර්තා වෙයි. අත්අඩංගුවට ගත් සැකකරු හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Comments