top of page

අම්බලන්ගොඩ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට


අම්බලන්ගොඩ නගර සභාව අසලදී වෙඩි වැදී රෝහල්ගත කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත. මියගොස් ඇත්තේ මෝදර දේවාලයේ සභාපතිවරයා බව තහවුරු කළ ආරංචි මාර්ග පවසනවා. මෙසේ මියගියේ අම්බලන්ගොඩ පෝරඹ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි මිරන්ත වරුෂවිතානයි. මෙම වෙඩි තැබීම සිදුවුයේ අද (04) උදෑසන අම්බලන්ගොඩ නගර සභාව අසලදීයි.

සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයෙකු ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. ඔහු කරන්දෙණිය සුද්දාගේ මස්සිනා බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page